Pages

Friday, April 6, 2012

රස්සාවට යතුරු කපන මම


පින්තූරයේ අයිතිය Pradeep Kirindage සතුය.

Saturday, March 17, 2012

නටවමින් නැටවෙන මම


පින්තූරයේ අයිතිය Piyumika Pathirana Photography සතුය.

Tuesday, March 6, 2012

මම, ෂොපිං බෑගය සහ ඇය


"පොඩි උදව්වක් කරන්න පුළුවන්ද?"

"මොකද්ද?"

"ඉස්සෙල්ලම හොඳ හුස්මක් උඩට ගන්න."

"ඊට පස්සෙ?"

"ඊට පස්සෙ මෙන්න මේ ෂොපිං බෑග් එකට කට තියල
ඒ හුස්ම පිට කරන්න."

"ඇයි අනේ එහෙම කරන්න කියන්නෙ?"

"මට ගෙදර ගෙනියන්න."


"ගෙදර ගෙනියන්න?"

"ඔව්. එතකොට ඔයා ළඟ නැති වෙලාවටත්
ඔයාගෙ හුස්ම මගේ ළඟ තියෙනවා."

"ඔයාට පිස්සු."

"ඔව් මට පිස්සු."

"ගෙදර ගෙනිහිල්ල මොකද්ද කරන්නෙ?"

"ඔයාව මතක් වෙලා මගේ හුස්ම හිරවේගෙන එනකොට
ෂොපිං බෑග් එකට කට තියල
ඔයාගෙ හුස්ම ටිකක් 
ගන්නව."


"පිස්සු කියවන්නෙපා.
ඔයා දන්නවනේ ෂොපිං බෑග් එකේ තියෙන්නෙ වැඩි හරියක්
මගෙන් පිටවුන කාබන්ඩයොක්සයිඩ් විත්තිය."

ඇගේ හඬ තුල සියුම් කේන්තියක් මට දැනුනා.
ඒ නිසාම මොහොතක් නිශ්ශබ්දව සිටි මම
ආයෙත් ඇයට කතා කළා.

"ඔයා දන්නෙ නැහැනෙ
ආදරයට අපූරු හැකියාවක් තියෙන බව."

"මොකද්ද?"

"ආදරයට පුළුවන්
කාබන්ඩයොක්සයිඩ් ඔක්සිජන් බවට හරවන්න."

"විකාර!
මහලොකු කවි ලිව්වට කමක් නැහැ,
මාත් එක්ක ඔය වගේ බයිලා කියවන්න එපා."

බංකුවේ මා තනිකර ඇය කැන්ටිම දෙසට ඇවිදගෙන ගියා.
කොහේදෝ සිට ඇදී ආ සුළඟක්
මගේ අතේ තිබූ ෂොපිං බෑගය උදුරාගෙන ගියා. 


Friday, February 24, 2012

කණාමැදිරි එළියටත් බය මම



Photo Lanka සමූහයේ "Picture of the Month - Jan 2012 Challenge" තරගයෙන් තෝරා ගන්නා ලද්ද්කි. ඡායාරූපයේ අයිතිය www.flickr.com/photos/apsphotos/ සතුය. මා ලියා ඇති වචන වල අයිතිය කියවන ඔබ සතුය

Wednesday, February 8, 2012

එලොවත් නැති මෙලොවත් නැති මම

පින්තූරයේ අයිතිය Pradeep Kirindage සතුය.

Sunday, January 15, 2012

තනි පාට කටුස්සියකට පෙම් කරන මම


Photo Lanka සමූහයේ "Picture of the Month - Dec 2011 Challenge" තරගයෙන් තෝරා ගන්නා ලද්ද්කි. ඡායා රූපයේ අයිතිය www.flickr.com/photos/omega-priyankara/ සතුය. මා ලියා ඇති වචන වල අයිතිය කියවන ඔබ සතුය.

Wednesday, January 11, 2012

මකුළුවන්ගෙන් දිවි ගලවා ගන්න


පින්තූරයේ අයිතිය Anjana Gunathilake සතුය.